Subscribe to:
Post Comments (Atom)
ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2474 දි එනම් ක්‍රි.ව. 1930 දී සියනෑ කෝරළයේ දොම්පෙ ප්‍රදේශයේ ගනේගොඩ, ලියනේගම හා දකුණු දෙකටන යන ගම්මාන තුනටම අයත්ව ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය නමින් පිහිට වූ මෙම විහාරස්ථානය අද ප්‍රදේශයේ ප්‍රචලිතව ඇත්තේ 'ගනේගොඩ පන්සල' නමිනි. මෙම විහාරස්ථානයට අනුබද්ධිතව ක්‍රි.ව. 1991 දී ශ්‍රී සාරසානන්ද පිරිවෙන පිහිට වූ අතර, මේවන විට එය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්රමුඛ මහ පිරිවෙනක් බවට පත්ව ඇත.
සිංහල බ්ලොග් අවකාශයට ඔබ වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමි. සැබෑ ලෝකයේ ආගමික, සංස්කෘතික සේවාවන් හා සමානවම සයිබර් අවකාශයේද එම යහ කාර්යයන් කරගෙන යාමට අවශ්‍ය නියාම ධර්මයන් නිරතරුව ඔබ වහන්සේ සමග සිටිනු ඇතැයි සිතමි.
ReplyDeleteසිංහල බ්ලොග් අවකාශයේ මෙතෙක් නොතිබූ භික්ෂු සහභාගීත්වය ලබා දීම ගැන කෘතඥවෙමි !