Thursday 23 April 2009

ශාසනික හා සාමාජීය සේවාවන්..

1964 වර්ෂයේදී ශ්‍රී කල්‍යාණි දහම් පාසල නමින් ගල්වලගොඩ ප්‍රදේශයේ ආරම්භ කර පවත්වාගෙන ගිය දහම් පාසල, 1978.08.11 දින මෙම විහාරස්ථානයට පවර දෙන ලදුව එතැන් පටන් ශ්‍රී සුගතවංශ දහම් පාසල නමින් පවත්වාගෙන යනු ලැබේ. ධර්‍මාචාර්‍ය්‍ය ශ්‍රේණිය දක්වා සියළුම ශ්‍රේවෙල මුලු ශිෂ්‍ය සංඛ්‍යාව දහසකට අධිකය. 1991.07.01 දින මූලික පිරිවෙනක් ලෙස ආරම්භ කරන ලද ගම්/ශ්‍රී සාරානන්ද පිරිවෙන අද මහ පිරිවෙනක් බවට උසස් කොට ඇත. 1983.10.27 දින ආරම්භ කරන ලද සාරානන්ද පුස්තකාලය දැන් සාරානන්ද පර්යේෂණ පුස්තකාලය වශයෙන් විද්‍යාර්ථීහු රාශියක් තම පර්යේෂණ සඳහා උපයෝගී කර‍ ගත්හ. වසර 15ක සිට වාර්ෂිකව සාරානන්ද ලිත මුද්‍රණය කොට බෙදා හරිනු ලැබේ. 1978 වර්ෂයේදී ආරම්භ කරන ලද බෝධිපූජා පිංකම් මාලාව මේවන විට තුන්දහසද ඉක්මවා ගොසිනි.

2 comments:

  1. හාමුරැදුවනේ, ඔබ වහන්සේගේ ලිපි එලට ප්‍රතිචාර දක්වන්න මම පසුබට වුවත් මෙවර දමන්නේමි. හාමුරැදුවනේ, ඔබ වහන්සේ රචිත, මේ ලිපියේ
    පන්සල පිහිටියේ කොතැනදැයි කිව හැකි නම් මැනැවි?

    "දොම්පෙට යන පාර කොයිබදෝ, ආතේ මට කියා දෙනවදෝ" කියා සිංදුවකුත් තිබෙනවායැයි මම අසා තිබෙනවා හාමුරැදුවනේ.

    ධර්මය හෝ පාලි පාඩම් පෙලක් ස්වාමින් වහන්සේට කිරිමට හැකි නම් යහපති.

    ReplyDelete
  2. අප පන්සල පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේය. කැලණිය, කඳුබොඩ, බියගම, මල්වාන, පූගොඩ, හංවැල්ල ආදී ස්ථාන පිළිබඳව ඔබ දන්නවානම් ඒ නගරවල සිට ‍'දොම්පෙට යන පාර' සොයා ගැනීම අපහසු නොවනු ඇත. එසේම අපගේ ඊළඟ සටහනේ පන්සල වෙත පැමිණෙන ගමන් මාර්ගය දක්වා ඇත.

    පින්වත් පුතේ, ඔබගේ සටහනේ 'හාමුරැදුවනේ' වදන වැරදියට සඳහන්ව ඇති බව නිරීක්ෂණය වේ. මෙය යම් තාක්ෂණික ප්‍රශ්ණයක්ද? නිවැරදි වදන විය යුත්තේ 'හාමුදුරුවනේ' යන්නයි.

    ධර්මය හෝ පාලි හෝ වෙනත් අප දන්නා දෙයක් පිළිබඳව ඔබව දැනුවත් කළ හැකියි. එහෙත් ඒවා ඉදිරිපත් කළ යුත්තේ අවශ්‍යතාව හඳුනගෙන ඒ කණ්ඩායමේ ඉල්ලීම් අනුවයි. කෙසේ වෙතත් අප විහාරයේ සංවිධානය කොට ඇති උත්සව කටයුත්වලින් පසුව යමක් කරන්න බලමු.

    තෙරුවන් සරණයි පුතා.

    ReplyDelete