- බෝධි ප්‍රාකාරය,
- රන් වැට,
- විහාර මන්දිරය,
- ආවාස ගෙය,
- ධර්ම ශාලාව,
- චෛත්‍ය,
- ඝණ්ඨාර කුළුණ,
- මකර තොරණ,
- ආරක්ෂිත තාප්පය,
- දොලොස් මහේ පහන,
- ......
- ......
ඊයේ කියවූ මෙවැනිම සටහනක් කියවූ විට අප හට ඇතිවූ විචිකිච්ඡාවන් කිහිපයකි. ඒවානම්,
- පන්සලක් වීමට මෙම ගොඩ නැගීම් සියල්ලම අවශ්‍යද?
- "සියල්ලම අවශ්‍ය නොවේ, අවශ්‍ය කිහිපයකි" නම් ඒවා මොනවාද?
- කිසිවක්ම අවශ්‍ය නැතිද?
- පන්සල්හි කරනා ඉදිකිරීම් මහේශාඛ්‍ය විය යුතුද? නැතිනම් අල්පේශාඛ්‍ය විය යුතුද?
- මධ්‍යස්ථ මට්ටමේ විය යුතුද?
- මේවායේ බරපැන දැරිය යුත්තෝ කවුරහුද?
- පන්සල් ගොඩනැගීමට පෙර දායකයෝ සුඛිත-මුදිත වී සිටිය යුතුද?
- නැතිනම් අවමයෙන් 'කන්ඩ අඳින්ඩවත්' තිබිය යුතුද?
- පන්සල් ඉදිකිරීම රජය මගින් කිරීම සුදුසුද?
- නැත්නම් ඒ කිමද?
- අතීතයේ පන්සල් ඉදිකරන්නට ඇත්තේ ඉහත සඳහන් කුමන තත්ව යටතේ විය හැකිද?
- භික්ෂූන්වහන්සේලා පන්සල් හා ඒවායේ ගොඩනැගීම් සිදුකිරීමට වෙහෙස විය යුතුද?
- භික්ෂූන්වහන්සේලා සිදුකළවදාළ යුත්තේ කුමනනම් දේද?
- භික්ෂූන්වහන්සේ නමක් ලෙස අප විසින් මෙසේ විමසීම සුදුසුයැයි ඔබ සිතන්නේ?
- නුසුදුසුනම් ඒ කිමද?
- සුදුසුනම් ඔබගේ පිළිතුරු මෙහි සඳහන් කරන්නේ නම් කෙතරම් අගනේද!
විහෙර විහාරයක ගොඩනැගිල්ලක් ඉදිකරන්නට සැදැහැවතුන් දෙන දානය ඒ අයගේ කැමැත්තයි. මේවා ගැන කෙස් පැලෙන තර්ක ගෙනෙන්නන් බොහෝ දෙනා සුනාමියටවත් පංසලකට ගොඩ වැදුන අය නෙවෙයි. වියදම් කරන්න අය ඉන්න්නවනම්. ඒක ගැන අනික් අයට කුමන අමාරුවක්ද?
ReplyDeleteපංසලක් අප්පේච්ච විය යුතුයැයි නියමයක් කොයි? බුදුන් වැඩිමනක් කාලය ගත කළ ජේතවනාරාමය අනාත පිණ්ඩික සිටාණෝගේ තනි පුද්ගලික ධනයයෙන් කළ පරිතයාගයක්. මෙවුන් එවක සිටියානම් බුදුන්ටද දොස් නොකියයි ද?